ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම මීට වසර 8කට පෙර ඇ.ඩො. 800ක් බවත්, 2013දී එය ඇ.ඩො.3,280ක් දක්වා වැඩි වී ඇති බවත්, තව වසර දෙකකින් එය ඇ.ඩො.5,000 දක්වා වැඩිකර ගැනීම රජයේ අපේක්ෂාව බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ආරුගම්බේ පැසිෆික් හෝටලේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
"අපේ රටේ මීට වසර 08කට පෙර වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇ.ඩො.800යි. එය 2013 දී ඇ.ඩො.3,280යි. එය තව වසර දෙකකින් ඇ.ඩො.5,000 දක්වා වැඩිකර ගැනීම අපේ අපෙක්ෂාවයි.
ඒ වගේම, ලංකාවට පසුගිය වසරේ සංචාරකයන් ලක්ෂ 12ක් පැමිණියා. ඒ තුළින් ඇ.ඩො.බිලියන 1.5ක් විදේශ විනිමයක් ලැබුණා. 2016 දී සංචාරකයන් ප්‍රමාණය දෙගුණයක් කර ගැනීමටත් අපි අපේක්ෂා කරනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.