වතු කම්කරු වැටුප් පිළිබඳ සාකච්ඡාවේ එකඟතාවක් නෑ
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී දැනට ඇති රු.620/- ක දෛනික වැටුප රු.975/- දක්වා වැඩිකරන ලෙස වෘත්තීය සමිති කළ ඉල්ලීම වතු හාම්පුතුන්ගේ සම්මේලනය හා වතු පරිපාලනය ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත්, වැටුප රු.50/- කින් වැඩි කිරීමට නම් කම්කරුවන් දිනකට තේ කි.ග්රෑ.10ක් අනිවාර්යෙන්ම නෙළිය යුතු බවට වතු හාම්පුතුන් ඉදිරිපත් කළ කොන්දේසිය වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
වෘත්තීය සමිති පවසන්නේ තදින් වැසි සහිත දිනවලදී සම්පූර්ණ දිනයම වෙහෙසුණත් තේ දළු කි.ග්රෑ.4කට හෝ 5කට වඩා නෙළිය නොහැකි බවය. එමෙන්ම, ඇතැම් දිනවල අයහපත් කාලගුණය හේතුවෙන් තේ දළු නෙලීමට පවා යා නොහැකි බවද ඔවුන් පෙන්වා දී තිබේ.
ඒ අනුව මාස 10කට පසුව සාමූහික ගිවිසුම් ඇති වෘත්තීය සමිති සම්මේලන තුනක නියෝජිතයන්, හාම්පුතුන්ගේ සම්මේලනය සහ වතු පරිපාලනය අතර සිදු වූ සාකච්ඡාවද එකඟතාවකින් තොරව අවසන් වී ඇත.
නැවතත් වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍යව ඇතත් ඒ සඳහා දිනයක් වෙන් කර ගැනීමට නොහැකි වූ බවයි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් එස් රාමනාදන් ප්‍රකාශ කළේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

