තොරතුරු තාක්ෂණය සහ සන්නවේදනය, ඩිජිටල්කරණය වත්මන් රජයේ ආර්ථික සංවර්ධන සැලසුමේ ප්රමුඛ අංගයක් බවත්, ලොව ප්‍රධාන පෙළේ සමාගමක් වන හුවාවේ, ශ්‍රී ලංකාවේ සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ හැකියාව ගොඩනැංවීමෙහිලා සහාය වීම පිළිබඳ තමන් සතුටු වන අතර, ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමෙහිලා හුවාවේ සමාගම තව තවත් උනන්දු කරවන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දක්වා සිටියේ හුවාවේ සමාගමේ උප සභාපති යාඕ වෙයිමින් මහතා සමග පසුගියදා පැවති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
"තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදනය, ඩිජිටල්කරණය වත්මන් රජයේ ආර්ථික සංවර්ධන සැලසුමේ ප්රමුඛ අංගයක් වෙනවා. ලොව ප්‍රධාන පෙළේ සමාගමක් වන හුවාවේ ශ්‍රී ලංකාවේ සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ හැකියාව ගොඩනැංවීමෙහිලා සහායවීම පිළිබඳව අප සතුටට පත්වෙනවා. ඒ වගේම, ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමෙහිලා හුවාවේ සමාගම තවතවත් උනන්දු කරවනවා" යැයි පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ හුවාවේ සමාගමේ උප සභාපති යාඕ වෙයිමින් මහතා පවසා සිටියේ, "තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන නව්‍යතා සම්බන්ධයෙන් හුවාවේ සතු ජාත්‍යන්තර අත්දැකීම් සහ එහි ප්‍රධාන පෙළේ තාක්ෂණ සහ විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට හුවාවේ ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. දේශීය තොරතුරු තාක්ෂණ සහ සහ සන්නිවේදන සේවා බලකාය සංවර්ධනය කිරීමට සහ ජංගම පුළුල්ජාල ව්‍යාප්තිය වේගවත් කිරීමට සහ සංවර්ධනයට හුවාවේ සහාය වෙනවා. මේ ආකාරයට සියලුම ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන් ග්‍රාමීය සහ දුෂ්කර ප්‍රදේශයන්හි වෙසෙන්නන්ට ගුණත්වයෙන් උසස්, සන්නිවේදන සේවාවක් සැපයීමෙහිලා සහාය වීමට අප බලාපොරොත්තු වෙනවා. ආර්ථික සහ තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන සංවර්ධනයෙහිලා ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස අප සමාගම කැපවීමෙන් ක්‍රියා කරනවා" යනුවෙනි.
ඩිජිටල් ආර්ථිකයන් හි පෙරලියක් ඇති කිරීමට තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන සමත් බව හුවාවේ පවසයි. කර්මාන්ත රැසක වර්ධනයෙහි ප්‍රධාන එන්ජිම බවට මෙය පත්ව ඇති බවත්, රටක ප්‍රධාන තරගකාරීත්ව සාධකයක් නියෝජනය කරන බවත් පෙන්වා දෙයි. ගෝලීය සම්බන්ධතා දර්ශකයට (GCI) අනුව තොරතුරු තාක්ෂණ ආයෝජන දළ දේශීය නිෂ්පාදනය හා සමීපව සම්බන්ධව ඇත. 20% ක තොරතුරු තාක්ෂණ වර්ධනය රටක් දළ දේශීය නිෂ්පාදනය 1% කින් වර්ධනය කිරීමට සමත් වේ. වර්තමානයේදී ශ්‍රී ලංකාව මෙරට ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීමෙහිලා කැපවී ක්‍රියාකරන අතර මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය සංවර්ධනය කිරීමෙහිලා හුවාවේ, ශ්‍රී ලංකාව සමග එක්ව ක්‍රියා කිරීමට සුදානම්ව සිටියි. මෙරට වේගවත්, තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමෙහිලා උචිත සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණයක් බිහිකිරීම වෙනුවෙන් හුවාවේ සමාගම එහි ජාත්‍යන්තරව පිළිගත් භාවිතයන් සහ නව්‍ය තොරතුරු තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සූදානම් බවද පවසයි. හුවාවේ සමාගම මෙරට විශ්වවිද්‍යාල සමග හවුල්ව ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් බිහිකිරීමෙහිලා සහාය වන හුවාවේ බලයලත් ජාලීය ඇකඩමියක් ගොඩනැගීමටද සූදානමින් සිටියි. ශ්‍රී ලංකාවේ අනාගත වැඩසටහන් සඳහා මුලපිරීමේ වැඩසටහන්ද ඔවුන් දියත් කරන බව පවසයි. මෙම වසරේදී විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනෙකුට චීනයේ දෙසතියක අධ්‍යයන චාරිකාවක් සඳහා අනුග්‍රහය දැක්වීමටද හුවාවේ සැලසුම් කර ඇත. ෂෙන්සෙන්හී පිහිටි හුවාවේ ප්‍රධාන කාර්යාලයේහීදී නවතම තොරතුරු තාක්ෂණයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ජාත්‍යන්තර ව්‍යාපාර මෙහෙයුම් කටයුතු මෙන්ම බහුසංස්කෘත චීන සංස්කෘතීය සේවා පරිසරයක අත්දැකීම ලබාගැනීමේ අවස්ථාවද සිසුන්ට මෙමගින් හිමිවන බවද ඔවුන් කියයි. නවතම තාක්ෂණයන් සහ ක්ෂේත්රයේ ප්රවණතා පිළිබඳව දැනුම ලබාගැනීමටද ඊට සහභාගී වන්නන්ට හැකියාව ලැබෙන බවද හුවාවේ වැඩිදුරටත් පවසයි.
2005 වසරේ සිට හුවාවේ ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර කටයුතු සිදු කරයි. ප්‍රධාන පෙළේ විදුලිසංදේශ උපකරණ සැපයුම්කරුවෙකු ලෙස මෙරට මිලියන 20 ක් පමණ වු ජනතාවට සේවය සැපයීම සඳහා මෙරට සැපයුම්කරුවන් සමග හවුල්කාරීත්ව ඇති කරගත් බවද ඔවුන් කියයි. P8 සහ මේට්8 ඇතුළුව හුවාවේ ස්මාට්ෆෝන් රැසක් ඔවුන් මෙරටට හඳුන්වා දුන් බවද පෙන්වා දෙයි. හුවාවේ සතුව මෙරට 300 ක පමණ සේවක පිරිසක් සිටින අතර ඉන් 80% ක් මෙරට වෘත්තිකයන් බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි.