සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විසින් නිකුත් කරනු ලබන 2016 ලෝක වකුගඩු දින සැමරුම් සටහන පසුගියදා විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා වෙත පිළිගන්වා තිබේ.
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ අනුශාසකවරුන් වන කලාශූරී සතිශ්චන්ද්‍ර එදිරිසිංහ සහ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව යන මහත්වරුන් විසින් විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේදී මෙම පිළිගැන්වීම සිදුකර තිබේ.