කලාපීය වශයෙන් බලපාන පාරිසරික හා ජෛව ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකා හා මාලදිවයින් අධ්‍යක්ෂවරිය හා ලෝක බැංකු නිලධාරීන් පසුගියදා මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා හමුවී තිබේ.
පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පසුගිය 05දා පැවති මෙම සාකච්ඡාවට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා හා මාලදිවයින් අධ්යක්ෂ ඉඩාස් පවුස්රායි රිඩ්ඩිහෝ, දෙරටේ මෙහෙයුම් උපදේශක වැලේරි ලෙයිරෝල් හා පාරිසරික විශේෂඥ මොක්ෂානා නෙරන්දිකා විජේරත්න යන මහත්මීන් ඇතුළු ලෝක බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකු දෙනෙකු සහභාගී වී තිබේ. එමෙන්ම, අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව තිබුණි.