ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපතිනී ඇනට් ඩික්සන් මහත්මිය පසුගියදා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවිය.
මුදල් අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී උප සභාපතිනිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ණය ගැනීමේදී ලබාදුන් සංවර්ධන ඉලක්ක කඩිනමින් සපුරාලමින් සිටින බව හා යහ පාලනය යටතේ රට තුළ ඇති මූල්‍ය විනය ඊට හේතු වී ඇති බවය.
මෙම හමුවේදී, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එහිදී පවසා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව තුළ මූල්‍ය විනයක් සහ විනිවිදභාවය ශක්තිමත් කරමින් දීර්ඝ කාලීණ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති පවත්වාගෙන යන බවයි. සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් කඩිනම් කිරීම අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ලෝක බැංකුව වැනි ආයතනවලින් ලැබෙන සහාය අතිශය අගය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.