ලෝක බැංකු නියෝජිතයන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අගයයි
ගෙවීගිය කෙටි කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වෙනස ප්‍රශංසනීය බව ලෝක බැංකු විධායක අධ්යක්ෂවරු පැවසූ බව මුදල් අමාත්‍යාංශය කියයි. එමෙන්ම, ශ්‍රී ලංකාව වෙත ලබාදෙන ආධාර, කිසිදු අක්‍රමිකතාවකින් තොරව ප්‍රතිලාභීන් වෙත ලැබීමේ ක්‍රමවේදයක් රට තුළ සකස් වී ඇති බවද ඔවුන් පෙන්වාදුන් බව කියයි.
ලෝක බැංකු විධායක අධ්යක්ෂවරුන් මේ බව කියා ඇත්තේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමග පසුගිය 24දා මුදල් අමාත්‍යාංශයේදී පැවති හමුවකදීය.
දින තුනක කාලයක් මෙරට රැඳී සිටිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කළ මෙම කණ්ඩායම ඔවුන් ලබාදෙන ආධාර ශ්‍රී ලංකා තුළ සංවර්ධන කටයුතු සඳහා යෙදවෙන ආකාරය සහ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබේ.
ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන විධායක අධ්යක්ෂ සුභාෂ් චන්ද්‍රා මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම කණ්ඩායම විධායක අධ්යක්ෂවරුන් නව දෙනකුගෙන් සමන්විත ය. එමෙන්ම, මෙවැනි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 34කට පසුව වීම විශේෂත්වයක් බවද මුදල් අමාත්‍යාංශය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

