41 වැනි ලෝක බාලදක්ෂ සමුළුවේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා කමිටු සාමාජිකයෙකු ලෙස තේරීපත්ව තිබේ.
අසර්බයිජාන් හි බාකු නගරයේදී රටවල් 160ක් නියෝජනය කරමින් පසුගියදා පැවති 41 වැනි ලෝක බාලදක්ෂ සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත හිමිවූ මෙම අවස්ථාව ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ වසර 105ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රථම ගෞරවාන්විත අවස්ථාවක් බව සඳහන් වේ.
1979 දී කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයෙන් කණිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස බාලදක්ෂ ජීවිතය ආරම්භ කළ හෙතෙම, මේ වනවිට ආසියානු පැසිෆික් කලාපීය කමිටු සාමාජික හා ගෝලීය සහයෝගීතා කමිටුවේ සභාපති ලෙසද කටයුතු කරයි.
බාලදක්ෂයෙකු ලෙස ලබාගත හැකි ඉහළම සම්මානය වන ජනාධිපති සම්මානය දිනා ඇති ඔහු, කොළඹ දිස්ත්‍රික්කයේ සහාය දිසා කොමසාරිස්වරයෙකු හා දිසා කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කර ඇත. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස් හා ජාත්‍යන්තර කොමසාරිස් ලෙස කටයුතු කර ඇති හෙතෙම, මේ වනවිට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ලෙස ඉමහත් සේවයක් සිදුකරන බවද පැවසේ.