2015 ලෝක ප්‍රතීතන දින සැමරුම් උලෙළ පසුගියදා 09දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. 'බලගැන්වීම, සමාජ හා සෞඛ්‍ය සත්කාරයන් බෙදාදීමට එක්වීම' මෙවර එම සැමරුමේ තේමාව වී තිබිණි.
අංක 32 දරණ, පාර්ලිමේන්තු පණත මගින් 2005 දී මෙරට ස්ථාපිත කළ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB), පරීක්ෂණ සේවා (Testing), සහතික කිරිම් (Certification) සහ ක්‍රමාංකණ සේවා (Calibration) නැවත සහතික කිරීම් හා ඒවා සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිකරදීම සඳහා ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යුහයයි. වෛද්‍ය පරීක්ෂණාගාර හා විවිධ වර්ගයේ රසායනාගාරද, විවිධ වර්ගීකරණ යටතේ වන සහතික කිරිමේ ක්‍රමවේද සහ ක්ෂේත්‍ර ගණනාවකට අයත් පිරික්සුම් ක්රමවේදද ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය මගින් ප්‍රතීතනය (සහතික කිරීම් පිළිගැනීම) කරනු ලබයි.