2016 ලෝක ආර්ථික සමුළුව ලෝක නායකයන් ඇතුළු ආර්ථික විශේෂඥයන් 2,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අද (20දා) පෙරවරුවේදී ස්විට්සර්ලන්තයේ, ඩෙවෝස් නුවරදී ආරම්භ විය.
මෙම සමුළුව සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහභාගී විය. එහිදී, විශේෂ ආරාධනයක් අනුව ශ්රී ලංකාවේ නායකයෙකු ලෝක ආර්ථික සමුළුවකට සහභාගි වූයේ ඉතිහාසයේ ප්රථම වතාවට බවද අග්රාමාත්ය කාර්යාලය පවසයි.