ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි අලෙවිකරුවන් වෙනුවෙන් 'දිවි වාසනා' නමින් රක්ෂණ ආවරණයක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
පසුගිය 6දා අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකෙරිණි.
'දිවි වාසනා' රක්ෂණ ක්‍රමය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග එක්ව ක්‍රියාත්මක කරන අතර, මෙම රක්ෂණාවරණය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමද විශේෂත්වයකි.
රුපියල් ලක්ෂ දෙක හමාරක වටිනාකමින් යුතු මෙම රක්ෂණය මගින් ස්වාභාවික මරණයකදී රු.75,000/- ක මුදලක් හිමිවෙයි. රෝහල් ගත වූ අවස්ථාවකදී දෛනිකව හිමි වන මුදල රු.1,000/- කි.
මෙම වැඩපිළිවෙළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, පසුව මෙය ශ්‍රී ලංකාව පුරා ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් අලෙවි කරන 12,200කට අධික පිරිසකට ලබාදීමට සැලසුම් කර තිබේ.
ඔවුන්ගේ මෙහෙවර සැබෑ ලෙස අගය කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් මත මෙම රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.