තෑගි හා සැමරුම් භාණ්ඩ අලෙවියේ පුරෝගාමියා ලෙස රජය විසින් නියාමනය කෙරෙන එකම ආයතනය වන ලක්සල, ආසියානු බැංකුකරුවන්ගේ 2016 වසරේ හොඳම පාලනයක් සහිත බැංකුව ලෙස සම්මානයට පාත්රවූ සම්පත් බැංකුව සමග දෙවැනි වරටත් කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරිමට එක්වී තිබේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන 2016 ජුනි මස 01 දා සිට ජූලි 31 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරනලද උසස් නිමාවෙන් යුතු බතික් නිර්මාණ, අත්යන්ත්‍ර රෙදි නිර්මාණ, හස්ත කර්මාන්ත නිපැයුම්, රන් රිදි ආභරණ, මැණික් වර්ග ආදිය එකම වහලක් යටදී සාධාරණ මුදලකට මිලදීගැනීමේ හැකියාව ඇති බව ලක්සල ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්යක්ෂ ජෙනරාල් අලි අහ්ලම් නවාස් පවසයි. එහිදී, ග්‍රාමීය නිර්මාණ ව්‍යවසායකයන්ගේ නිර්මාණශීලීත්වයට නිසි ගෞරවය ලබාදෙමින් දේශීය හා විදේශීය ගැණුම්කරුවන්ට එම නිර්මාණ මිලදීගැනීමේ අවස්ථාවක් ලබාදෙන ලක්සල ආයතනය සමග එම ප්‍රවර්ධන වැඩසටහනට එක්වීමට ලැබීම සතුටක් බව සම්පත් බැංකුවේ කළමණාකාර අධ්යක්ෂ අරවින්ද පෙරේරා මහතා අදහස් දක්වමින් පවසයි.