ලංකා බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය විසින් සෙනරත් බණ්ඩාර මහතා එම බැංකුවේ මහා කළමනාකාර/ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා පත්කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේත්, වෙනත් අදාළ අධිකාරින්ගේත් අනුමැතියෙන් අනතුරුව අද (22දා) ඒ මහතා සිය ධුරයේ වැඩ බාර ගත්තේය. බණ්ඩාර මහතා එම ධුරයට පත්වූයේ ඩී.එම්. ගුණසේකර මහතා විශ්‍රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩුව හේතුවෙනි. 2013 වසරේ ජනවාරි මාසයේදී ලංකා බැංකුවේ මහා කළමනාකාර ලෙස පත්වූ ඩී.එම්. ගුණසේකර මහතා විශ්‍රාම යන විට වෘත්තීය බැංකුකරුවෙකු ලෙස වසර 34ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිණි.
ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකුවන බණ්ඩාර මහතා, ලංකා බැංකුවේ වසර 28ක කීර්තිමත් වෘත්තීය ජීවිතයකට හිමිකම් කියයි. 1990 වසරේදී කළමනාකරණ අභ්‍යාසලාභියෙකු ලෙස ලංකා බැංකුවට එක්වූ ඒ මහතා සිය නව ධුරයේ වැඩ බාර ගැනීමට පෙර එම බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාර (විකුණුම් සහ හැසිරවීම් කළමනාකරණ) ලෙස කටයුතු කළේය.