ලංකා පේ ටෙක්නොවේෂන් සම්මාන 2017
රටෙහි මූල්‍ය මැදිහත්වීම් වැඩිදියුණු කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පාවිච්චි කිරීම අගය කිරීමේ අරමුණු පෙරදැරිව ලංකාවේ ප්‍රථම සහ එකම ගෙවීම් තාක්ෂණික නව්‍යකරණ සම්මාන උලෙළ වන Lankapay Technnovation Awards 2017 එහි කූඨප්රාප්තිය වෙත පසුගියදා එළැඹීය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අනුග්‍රහ‘යෙන් 2017 ජූනි මස 20 වැනි දින කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී සම්මාන උලෙළ උත්සවශ්‍රී‘යෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කොජි යාගි මහතා ආරාධිත අමුත්තා ලෙස මීට පැමිණ සිටි අතර, 250කට අධික සම්භාවනීය අමුත්තන්ගෙන් සම්මාන උලෙළ පිරී පැවතිණි. සිංගප්පූරුවේ මූල්‍ය අධිකාරී ප්‍රධාන ෆින්ටෙක් නිලධරී සන්නේන්දු මොහොන්ටි මහතාගේ Smart Financial Sector මැයෙන් පැවැත්වූ අර්ථාන්විත දේශනය උත්සවය තවදුරටත් ආලෝකමත් කර තිබුණි.
මෙවර සම්මාන උලෙළෙහිදී බැංකු අතර සමස්ත ගෙවීම් ක්‍රියාවලියේ හොඳම ක්‍රියාකරු ලෙසින් උත්කෘෂ්ටතම සම්මානය වූ රන් සම්මානය ලංකා බැංකුව විසින් දිනාගත් අතර, එහි රිදී සම්මානය සෙලාන් බැංකුව විසින් හිමිකරගන්නා ලදී. ඒ අතර, යූනියන් බැංකුව මෙහි කුසලතා සම්මානය අත්පත් කර ගත්තේය.
මෙහිදී, අංශ 8ක් යටතේ සම්මාන 21ක් පිරිනැමුණු අතර, රන් සම්මානවලින් පිදුම් ලැබුවේ,
- වසරේ හොඳම ATM ජාල හිමිකරු, කාණ්ඩය A - හැටන් නැෂනල් බැංකුව, කාණ්ඩය B - යූනියන් බැංකුව, කාණ්ඩය C - පෑන් ඒෂියා බැංකුව
- මූල්‍ය මැදිහත්වීම සඳහා වූ වසරේ හොඳම බැංකුව, කාණ්ඩය A - ලංකා බැංකුව, කාණ්ඩය B - සෙලාන් බැංකුව, කාණ්ඩය C - යූනියන් බැංකුව
- බැංකු අතර ගෙවීම් ක්‍රියාවලියේ කාර්යක්ෂම බැංකුව - සෙලාන් බැංකුව
- ගනුදෙනුකරුවන්ගේ පහසුව සැලසූ වසරේ හොඳම මූල්‍ය ආයතන ය - LOLC මූල්‍ය ආයතනය
- වසරේ හොඳම නව්‍යකරණ බැංකුව - සම්පත් බැංකුව
- වසරේ ජනප්‍රියතම ඉලෙක්ට්‍රොනික ගෙවීම් නිපැයුම - LOLC මූල්‍ය ආයතන (Product – LOLC Realtime)
- වසරේ හොඳම ජංගම දුරකථන ගෙවීම් යාන්ත්‍රණය - LOLC මූල්‍ය ආයතනය (Product – LOLC Realtime)
අචල විශ්වාසයකින් යුතුව නව්‍යකරණ තාක්ෂණය ව්‍යාප්ත කිරීමට ඩිජිටල් ගනුදෙනු යොදාගනිමින් මෙම කර්තව්‍යය වැඩිදියුණු කිරීමට උරදුන් සාමාජික බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන විශිෂ්ටත්වයට පත්කිරීමට ගත් උත්සාහයක් ලෙස LankaPay Technnovation 2017 සම්මාන උලෙළ සැලකෙයි. එහිදී, ලාංකේය ජාතික ගෙවීම් ජාලය තත්ත්වයෙන් උසස් කරමින්, මූල්‍යමය ගෙනුදෙනුවල පිරිවැය අඩුකිරීමේ අරමුණු පෙරදැරිව 2016 අප්‍රේල් 01 වැනි දින සිට 2017 මාර්තු 31 දින දක්වා මූල්‍ය වර්ෂයට අදාළ බැංකු අතර සිදුකළා වූ ගෙවීම් මෙහිදී සලකා බලා තිබුණි.
එමෙන්ම, අවසන් ජයග්‍රාහකයන් තෝරාගැනීමේ ක්‍රියාපටිපාටිය ඉතා සූක්ෂම සහ පුළුල් ඇගැයීමේ ක්‍රියාවලියක් වූ බවද ඔවුහු පවසති. මූලික වටයේදී තරග ආරම්භයේ දැනුම්දී තිබූ නිර්ණායක යටතේ එක් එක් බැංකුවල සහ බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි කාර්ය සාධනයන් සලකා බලා ඇති අතර, යොදාගන්නා ලද දත්ත හා තොරතුරුවල වලංගුභාවය සහ දෙවන වටය සදහා සුදුසුකම් සැපිරීම E&Y මගින් සිදුකරණ ලද ස්වාධීන විගණන ක්‍රමයකට අනුකූලව සිදුකර තිබුණි. දෙවැනි වටය ඇගැයීමේදී තෝරාගන්නා ලද තරගකරුවන් තමන්ට අදාළ අංශය සඳහා ඉදිරිපත් කිරීම ගෞරවනීය තීරක මඬුල්ල ඉදිරියේදී සිදුකර තිබූ අතර, ඔවුන් අවසන් ජයග්‍රාහකයන් තහවුරු කර තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ සහයෝගයෙන් මෙම සම්මාන උලෙළ ඇරඹීමට කටයුතු යෙදුණු බවත්, තීරක මඬුල්ලෙහි මූලිකත්වය හෙබවූයේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයෙහි ලේකම් වශයෙන් කටයුතු කරන වසන්ත දේශප්‍රිය මහතා බවත් ඔවුහු පවසති. මීට අමතරව ගෞරවනීය තීරක මඬුල්ලෙහි සෙසු සාමාජිකයන් ලෙස සභාපති, මැනේජ්මන්ට් (පෞද්.) සමාගම සහ ශ්‍රී ලංකා වරලත් ගනකාධිකාරීන්ගේ ආයතවනයේ හිටපු සභාපති අසිත ඩී.බී. තල්වත්ත මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වර්තමාන සභාපති සහ B R De Silva හි හවුල්කරු ලසන්ත වික්‍රමසිංහ මහතා, කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, රක්ෂණ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ හවුල්කරු, වෘත්තීය පුහුණු අධ්යක්ෂ, Ernst & Young හි බැංකු සහ මූල්‍ය සේවා පුහුණු නිලධාරී සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ මණ්ඩල සභික මනිල් ජයසිංහ මහතා සහ Kapruka.com හි නිර්මාතෘ සහ සභාපති දුලිත් හේරත් මහතාද කටයුතු කළ බව ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
