ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාතික ඇසුරුම්කරණ ප්‍රදර්ශනය වන ලංකා පැක් 2014 අද (20දා) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සාර්ථකව නිමාවට පත්විය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඇසුරුම්කරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරමින් පසුගිය සිකුරාදා ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වුනේ 17 වැනි වරටය.
මෙහි මූලික අරමුණ වන්නේ ශ්‍රී ලාංකික ඇසුරුම්කරණ කර්මාන්තය මෙතෙක් ලබා ඇති ප්‍රගතිය විදහා දැක්වීම වන බවත්, ඇසුරුම්කරණ කර්මාන්තයේ විවිධ අංශයන් වන නව නිර්මාණ, නවීන තාක්ෂණය, ඇසුරුම්කරණ යන්ත්‍ර සූත්‍ර, අමු ද්‍රව්‍ය හා වෙළෙඳ පොළ ලාංකික ඇසුරුම්කරුවන්ට හදුන්වා සෙසු අරමුණු බවත් පැවසෙයි.
ඉන්දියාව හා මැලේසියාව මෙවර ප්‍රදර්ශනය සඳහා සහභාගී වී ඇති අතර විශේෂයෙන්ම ඉන්දියාවේ මහා පරිමාණ ඇසුරුම් නිෂ්පාදකයින් විසින් ප්‍රදර්ශන කුටි 10ක්ද ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලාංකික ඇසුරුම්කරුවන්ගේ දැනුම අලුත්කර ගනිමින් ක්ෂේත්රයේ නව ප්රවණතා හඳුනාගැනීමට මෙම ප්‍රදර්ශනය මහඟු පිටුවහලක් වූ බව අමාත්‍යාංශය පවසයි.