වසර 205ක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අභිනව මූලස්ථාන ගොඩනැගිල්ල හෙවත් රේගු මන්දිරය අද (14දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.
රේගු මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා රේගු අධ්යක්ෂ ජෙනරාල් ජගත් පී. විජේවීර මහතා විසින් පිළිගන්නා ලද අතර, පහත මාලයේ පිහිටි රේගු කෞතුකාගාරය විවෘත කිරීමද එහිදී සිදුකෙරිණි.
ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.