රුහුණ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ, හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල් මහතාට උපහාර පිදීමේ උළෙලක් ජුනි මස 12 වැනි ඉරිදා පෙරවරු 10.00, රුහුණ විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම පිහිටි ශ්රාස්ත්ර පීඨ ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.
දකුණට විශාල අඩුපාඩුවක්ව පැවති මෙම විශ්ව විද්‍යාලය රොනී ද මැල් මහතාගේ දැඩි කැපවීම මත එවක රජය විසින් 1978 වසරේදී ස්ථාපිත කරනු ලැබූ අතර, මේ වන විට වෛද්‍ය, ඉංජිනේරු, ශාස්ත්‍ර ඇතුළු අංග සම්පූර්ණ පීඨ 09 ක් ස්ථාපිතව පවතී.
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය ගාමිණී සේනානායක මහතාගේ උපදෙස් මත මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ, එම විශ්ව විද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසිනි.
මෙම උපහාර උළෙලට සමගාමීව, ප්රඥාභිෂේක ගුරු උපහාර උළෙලක්ද පැවැත්වෙන අතර, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල ඇතුළු ආදි විද්‍යාර්ථීන් 4000 ක් පමණ මෙම උළෙලට සහභාගී වන බව ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ලේකම් අතුලසේන ගජසිංහ මහතා පැවසීය.