ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කඩිනමින් නවීකරණය කෙරුණු පාදුක්ක නව සති පොළ අද (24දා) ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණි.
මීට වසරකට පෙර පාදුක්ක ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් විවෘත කිරීමට ගිය ජනාධිපතිවරයා ජරාජීර්ණ වී තිබූ පාදුක්ක සති පොළ නිරීක්ෂණය කිරීමෙන් පසු, එම ප්‍රදේශවාසීන් මෙන්ම වෙළෙඳ ප්‍රජාව කළ ඉල්ලීමකට අනුව සති පොළ කඩිනමින් නවීකරණය කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ සති පොළ කඩිනමින් නවීකරණය කෙරිණි. මේ සඳහා වැය කර ඇති මුදල රු.මිලියන 122කි.
අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති සති පොළ එළවළු, මාළු වෙළඳ කුටි ඇතුළුව වෙළෙඳ කුටි 300කට අධික ප්‍රමාණයකින් සමන්විත වන අතර රථ වාහන නැවතුම්පොළක් මෙන්ම සනීපාරක්ෂක පහසුකම්වලින්ද සමන්විතය.
ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන දිනේශ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහත්වරුන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.