රු 10 නව කාසි කාණ්ඩය එයි
ශ්‍රී ලංකාවේ එක් එක් පරිපාලන දිස්ත්‍රික්කවලට අනන්‍ය වූ ලක්ෂණ මෙන්ම ඒ ඒ දිස්ත්රික්කයන්ට විශේෂිත වූ ස්ථාන සහ කරුණු පිළිබිඹු කරමින් රු.10/- වටිනාකම සහිත කාසි 25කින් යුතු නව කාසි කාණ්ඩයක් අද (17දා) දින නිකුත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නවකාසි කාණ්ඩයේ ප්‍රථම කාසි එකතුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම මෙහිදී සිදුකිරීමට නියමිතය.
මෙම ප්‍රථම කාසි නිකුතුවෙන් පසුව වාණිජ බැංකු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් කාර්යාල හරහා මෙම කාසි සංසරණයට නිකුත් කිරීමට කටයුතු සලසා ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කාසි එකතු කරන්නන් සඳහා කාසි 25ක් සහිත ඇසුරම, තනි කාසියක් සහිත ඇසුරුම් සහ විඩා නිවුම් පුස්තකයක් පිළියෙළ කර ඇති බවත්, ඒවා කොළඹ 01 චැතැම් වීදිය, අංක 54 දරණ ස්ථානයේ පිහිටි ආර්ථික ඉතිහාස කෞතුකාගාරයෙන් සහ අනුරාධපුර, මාතර, මාතලේ, ත්‍රිකුණාමලය සහ යාපනය යන නගරවල පිහිටා ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් කාර්යාලවලින් මිලදී ගැනීමට පහසුකම් සපයා ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

