මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ රැකියා සේවා මධ්‍යස්ථානයක් අනුරාධපුරයේදී විවෘත කර තිබේ.
කම්කරු හා මිනිස් බල සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත්ත කිරීම සිදුකර ඇති අතර, තරුණ තරුණියන්ට රැකියා දශ ලක්ෂයක් ලබාදීමේ රජයේ වැඩපිළවෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම රැකියා සේවා මධ්‍යස්ථානය ආරම්භ කළ බව විවෘත කිරීමෙන් පසුව පැවැති රැස්වීමේ දී අමාත්‍යවරයා පවසා ඇත.
මෙම අවස්ථාවට රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වී ඇති අතර, අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක , කම්කරු හා මිනිස් බල සබදතා අමාත්‍යංශයේ ලේකම් සුනිල් අබේවර්ධන , අතිරේක දිසාපතිවරුන් වන එල් .පී. මදනායක හා කීර්ති ගමගේ යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගී වී තිබේ.