බොහෝ රාජ්‍ය ආයතන, අමාත්‍යංශ, සංස්ථා, දෙපාර්තමේන්තු අනවශ්‍ය සම්මන්ත්රණ හා වැඩමුළු පවත්වමින් කාලය කා දමන බවත්, ඉන් නිසි රාජ්‍ය සේවාවක් කිරීමට තිබෙන අවස්ථාව මඟහැරී යන බවත් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සිය අමාත්‍යංශයේ නව වසරේ රාජකාරි අරඹමිනි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ විශාල අමාත්‍යංශ දෙපාර්තමේන්තු අනාගතයේ ඇති කිරීම අවශ්‍ය නොවන බවයි. මෙවැනි කුඩා අමාත්‍යංශ හරහා වැඩි වැඩ කොටසක් ඉටු කිරීම රජයේ අදහස බවද අමාත්‍යවරයා පවසා සිටියේය.