ශ්‍රී ලංකාවේ ඉදිවන දිගම ගුවන් පාලම ලෙසින් සැලකෙන රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු මැති ඇමතිවරුන් හා ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා වැලිකඩ පොලීසිය ඉදිරිපිටදී ආරම්භ කෙරිණි.
මීටර් 534ක දිගකින් යුතු මෙම ගුවන් පාලමේ ඉදිවන මංතීරු ගණන 04 කි. මෙහි පළමු වැනි අදියර ලබන වසර අවසානයේදීත්, දෙවැනි අදියර 2018 අවසානයේදීත් නිම කිරීමට සූදානම් බවද කියයි.
රාජගිරිය වැලිකඩ මංසන්ධියේ පවතින අධික වාහන තදබදය නිසා දියත උයනේ සිට දේවි බාලිකා විදුහල දක්වා උදෑසන කාර්යබහුල වේලාවේදී වේගය පැ.කි. 2.5 ත් 3 ත් අතර වන බවත්, පස්වරුවේදී සාමාන්‍ය වේගය පැ.කි. 09 ක් පමණ බවත් පැවසෙයි. එහිදී, මෙම ගුවන් පාලම ඉදිකිරීමෙන් පසුව එම කොටසේ වේගය පැ.කි. 20ක් දක්වා ඉහළ යනු ඇති බවද කියයි.