වෘත්තීය මට්ටමින් කිරි කැපුම් ශිල්පීන් පුහුණු කිරීමේ වැඩටහනක් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය 19 වැනිදා දින ආරම්භ කරන ලද මෙම පාඨමාලාව අද (30දා) දක්වා දින දහයක් මුළුල්ලේ පැවති බව කියැවෙයි.
පූර්ණකාලීන පාඨමාලාවක් වූ මෙහිදී රබර් කර්මාන්තයේ නියැලී සිටින්නන්ට අවශ්‍ය මූලික දැනුමේ සිට රබර් නිෂ්පාදනය දක්වා වූ අංග සම්පූර්ණ දැනුමක් ලබාදුන් බව කියැවෙයි.
රබර් වගාව පිළිබඳ දැනුම්වත් වී සිටින පිරිස වැඩි කිරීම, ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම, රබර් ගසට හානියක් සිදු නොවන පරිදි දිගු කාලයක් වැඩි අස්වැන්නක් ලබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම, කිරි අස්වනු සහයකයින්ගේ හිඟයට පිළියමක් යෙදීම සහ රබර් කර්මාන්තය පිළිබඳව අන් අය දැනුම්වත් කිරීමට මනා අවබෝධයක් ඇති පිරිසක් බිහි කිරීම මෙම වැඩසටහනෙන් අපේක්ෂා කෙරුණු බව පැවසෙයි.
නොමිලේ පවත්වන මෙම වැඩසටහනේදී සහභාගීවන්නන්ට දිනකට රු.300/- ක දෛනික දීමනාවක් සහ රබර් කැපීමට යොදා ගන්නා නිල ඇඳුමක් නොමිලේ සැපයූ බවද කියැවෙයි.
තවද තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද කිරි පිහියක් 50%ක සහනාධාරයක් මත ලබා දීමටද කටයුතු කර තිබුණි.
මෙම මස 29 වෙනි දින ගාල්ල පිටිගල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදීත් මෙවැනිම පාඨමාලාවක් ආරම්භ කර තිබුණි.
මේ සඳහා සහභාගී වීමට කැමති රබර් කර්මාන්තයේ නියැලී සිටින්නන්ට අවශ්‍ය තොරතුරු රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ මොණරාගල ප්‍රාදේශීය කාර්යාල ඇමතීමෙන් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.