රබර් ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රය දියුණු කිරීම සඳහා රජය විසින් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.
මෙම නියමු ව්‍යාපෘතිය යටතේ ඇති මූලික ව්‍යාපෘති 25 අතරින් 12 ක්ම තම අමාත්‍යාංශය හරහා සිදුකරන බවත් ඉතා කෙටි කාලයකින්ම එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ රබර් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය ඉතා දියුණු මට්ටමකට පත්කළ හැකි බවත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු මෙලෙස ප්‍රකාශ කලේ අද දින ( 5 දා) කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කරනලද ශ්‍රී ලංකා ප්ලාස්ටි 2016 ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධීතයා ලෙස සහභාගි වෙමිනි.