රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වේ
රත්නපුර දිස්ත්‍රික්කයේ දැනට සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාදාමය සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතින් පිළිබඳ සොයා බැලීමේ රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පස්වරුවේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්තියට අනුකූලව රාජ්‍ය සේවය ජනතාව පිණිසයි යන්න තහවුරු කරමින් ඉදිකරන ලද රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනාධිපතිවරයාගේ අතින් මෙහිදී ජනතා අයිතියට පැවරිණි.
අමාත්‍යවරුන් වන ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාර, ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනී රෝහණ, ජානක වක්කුඹුර, රංජිත් සොයිසා, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

