රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙතින් ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ලබාදෙන පොලී රහිත නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාදීම 20 වැනි වරටත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ දේශන ශාලාවේදී 9 වැනිදා පැවැත්විණි.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදා සේවා වනිතා ඒකකයන්ගේ සභාපතිනියන්ගේ හා ත්‍රිවිධ හමුදා සුභසාධක අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම අවස්ථාවට තෝරාගත් රණවිරුවන් පිළිවෙළින් යුද හමුදාවේ 29ක්, නාවික හමුදාවේ 13ක් හා ගුවන් හමුදාවේ 08ක් සඳහා මුදල් වාරික 3කින් රු.300,000/- ක මුදලක් ලබාදීම සිදුවිය.
මෙහිදී අදහස් ප්‍රකාශ කළ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී අතිරේක ලේකම් (පාලන) ඉන්දු රත්නායක මහත්මිය ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් රණවිරුවන්ගේ සුභසාධය සඳහා විවිධ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් දියත් කර ඇති සියලුම ව්‍යාපෘතීන් සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, ඒ යටතේ මියගිය හා ආබාධිත රණවිරුවන් සඳහා නිවාස ඉදිකිරීම, රණවිරු දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, අර්ධ වශයෙන් ගොඩනැගුණු නිවාසයන්හි වැඩ නිමකිරීම, ත්‍රීරෝද රථ හා රණවිරු භාර්යාවන්ගේ ස්වයං රැකියා සඳහා ආධාර ලබාදීම සිදු කරනු ලබන බවද පැවසීය.
මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා විරුදන ගී සර හා සුබ පතන්නන්ගෙන් ලැබෙන මුදල් ආධාර ඉවහල් වන බවත්, මෙම මුදල් නිවාස සෑදීමේ කටයුතු සඳහාම යොදවනු ඇතැයි අපේක්ෂිත බවත් මෙමගින් රණවිරුවන් තම පළාත තුළ අභිමානයෙන් හා තම ගෞරවය රැකගනිමින් උසස් ජීවන තත්ත්වයක් ළඟාකරු ගනු ඇතැයි සේවා වනිතා ඒකකය අපේක්ෂා කරන බවද වැඩිදුටරත් පැවසීය.