ශ්‍රී ලංකාවේ විවිධ අංශයන්හි 497,302 ක ඇබෑර්තු සංඛ්‍යාවක් (ඉල්ලුමක්) පවතින බව ශ්‍රම ඉල්ලුම පිළිබඳ සමීක්ෂණ වාර්තාව -2017 එළිදැක්වීමේදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ සතරසිංහ මහතා පවසයි.
2017 වර්ෂයේදී ප්‍රථම වරට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ආයතනික සමීක්ෂණයක් මුළු රටම ආවරණය වන පරිදි සිදුකර ඇති අතර, මෙම සමීක්ෂණය සේවයේ නියුතු පුද්ගල සංඛ්‍යාව 3 ට වැඩි ව්‍යාපාර ආයතන 3,500 ක නියැදියක් භාවිත කරමින් සිදුකර තිබේ.