රටඉඳි සඳහා නව බද්දක් නෑ -මුදල් අමාත්‍යාංශය
රටඉඳි සඳහා නව බදු පනවා ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා පදනම් විරහිත බවත්, මේ වනවිට රටඉඳි සඳහා අය කෙරෙන්නේ කිලෝග්‍රෑම් එකකට රුපියල් 60/- ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පමණක් වන අතර, අමතරව කිසිදු නව බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
2015 වසර වනවිට ආනයනික රටඉඳි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ මුළු බදු ප්‍රමාණය රුපියල් 130/- ක් පමණ වූ බව පෙන්වාදෙන මුදල් අමාත්‍යාංශය, 15% වූ රේගු බද්ද, 7.5%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද, 25%ක් වූ සෙස් බද්ද, 11%ක් වූ වැට් බද්ද සහ 2%ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද වශයෙන් ඒවා පැවති බවද කියයි.
2015 වසරේ නොවැම්බර් මස 20 දින සිදුකළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත හෙළීමට සමගාමීව රටඉඳි මත පනවා තිබූ සියලු බදු අහෝසි කෙරුණු අතර, ඒ වෙනුවට රටඉඳි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 60/- ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබූ බවද පෙන්වා දෙයි. මෙමගින් පෙර ගෙවූ බදු මුදලට වඩා රුපියල් 70/- ක් අඩු බදු මුදලක් යටතේ රටඉඳි ආනයනය සඳහා අවශ්‍ය කටයුතු රජය මගින් සලසා දී ඇති බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

