ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය එක්ව රක්ෂණ ඔප්පු හිමියන්ගේ අයිතිවාසිකම් හා රක්ෂණ ආයතනයන්හි භූමිකාව පිළිබඳව සම්මන්ත්‍රණයක් 2016 මාර්තු මස 31 වැනි බ්‍රහස්පතින්දා ප.ව 2.00 සිට ප.ව. 5.00 දක්වා නො. 450, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට නියමිතය.
මෙහිදී ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනී ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය විසින් හැදින්වීමේ දේශනය සිදුකරනු ලබන අතර, රක්ෂණ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු විසින් රක්ෂණ ඔප්පු හිමියන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දේශනයක් පවත්වනු ලබන බව එම මණ්ඩලය පෙන්වා දෙයි.
රක්ෂණ ඔම්බුඩ්ස්මන්වරයාගේ භූමිකාව හා රක්ෂණ ගැටලු සඳහා විකල්ප යෝජනා පිළිබඳව රක්ෂණ ඔම්බුඩ්ස්මන්වරයා වන ආචාර්ය වික්‍රම වීරසූරිය විසින් දේශනයක් පැවැත්වීමට නියමිත අතර, සෙලින්කෝ රක්ෂණ සමාගමෙහි කළමනාකරණ අධ්යක්ෂ පැට්රික් අල්විස් මහතා විසින් 'පාරිභෝගිකයන්ට සාධාරණ ලෙස සේවා සැපයීම - රක්ෂණ යෝජකයාගේ දැක්ම' යන තේමාව යටතේ දේශනයක් පැවැත්වීමට නියමිතය.
මෙහිදී ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනී ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය, රක්ෂණ ඔම්බුඩ්ස්මන්වරයා වන ආචාර්ය වික්‍රම වීරසූරිය හා සෙලින්කෝ රක්ෂණ සමාගමෙහි කළමනාකරණ අධ්යක්ෂ පැට්රික් අල්විස් මහතා යන නිලධාරීන්ගෙන් සමන්විත සාකච්ඡා වටයක්ද පැවැත්වීමට නියමිත අතර එහිදී සහභාගීවන්නන් හට රක්ෂණ ක්ෂේත්රය සම්බන්ධයෙන් ඕනෑම කරුණක් පිළිබඳව දැනුවත් වීමේ අවස්ථාව උදාවන බවද එම මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ සඳහා ලියාපදිංචි වීම සඳහා 011-4741788 යන දුරකථන අංකය හා [email protected]; [email protected] යන විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකි අතර, පැමිණෙන අනුපිළිලිවෙළ අනුව ආසන වෙන් කිරීම සිදුවන බවද පවසා සිටියි.