ලෝකයේ විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා කැමැත්ත පළ කරයි. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් තානාපති ටන්-ලායි මාර්ග් මහතා අද (28දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටියේය.
තානාපතිවරයා කියා සිටියේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාව වෙත යළි ලබාදීම සඳහා අවශ්‍ය වටපිටාව මේ වනවිට සැකෙසෙමින් පවතින බවයි. මීට අමතරව ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම සඳහා සිය පූර්ණ සහාය ලබාදීමට අපේක්ෂා කරන බවද හෙතෙම අවධාරණය කළේය. 2014 සිට 2020 දක්වා කාලය තුළ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිටත් යුරෝපා ආයෝජන බැංකුව මගින් යුරෝ මිලියන 210ක මූල්‍ය හා තාක්ෂණික ආධාර ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව අවධාරණය කළ තානාපතිවරයා පෙන්වා දුන්නේ ඊට අමතරව නව ආයෝජන අවස්ථා ලබාදීමටද අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි.
යුරෝපා ආයෝජන බැංකුවේ නව උප-සභාපති ඇන්ඩෘ මැක්ඩොවෙල් මහතා ඇතුළු දූත පිරිස දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමන් ඊට අදාළ නිරීක්ෂණ කටයුතු සිදුකර තිබුණි.