එන්ජින් ධාරිතාව 150cc වලට වඩා අඩු යතුරුපැදි සඳහා වූ ආනයනික බදු මුදල 90%කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ.
මෙම බදු අඩු කිරීම අද(17දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
මීට අමතරව කුඩා ලොරි රථ හා සිංගල් කැබ් රථ සඳහා පවතින බදු මුදල් රු.ලක්ෂ 3කින් පහත දැමීමට කටයුතු කළ බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මංගල සමරවීර මහතා මෙසේ පවසා සිටියේ අද (17දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.