මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පදිංචි කිරීමට යෝජිත ගොවි පවුල් සඳහා ඉඩම් බලපත්‍ර ප්රදානය කිරීම බකමුණ මහසෙන් මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පසුගිය 30 වැනිදා පැවැත්විණි.
වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවති මෙම උත්සවයේදී ගොවි පවුල් 2000ක් සඳහා ඉඩම් බලපත්‍ර පිරිනැමුණි.
මේ අවස්ථාවට සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරිආරච්චි, වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් ගාමිණී රාජකරුණා, මොරගහකන්ද කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර හේරත් බණ්ඩා යන මහත්වරු එක්ව සිටි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.