මෙරට වාණිජ ගුවන් සේවාවට වසර 70යි
1947 දෙසැම්බර් මස 10 වැනි දින සීතා දේවි නම් වූ ඩග්ලස් DC-3 වර්ගයට අයත් ගුවන් යානාවක් ප්‍රථමවරට රත්මලාන ගුවන් තොටුපළ වෙතින් යාපනයේ පලාලි නගරය සහ ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පියාසර කරවනු ලැබීය. මෙම ඉතිහාසගත ස්වර්ණමය අවස්ථාවෙන් පසු එවකට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වූ එයාර් සිලෝන් ගුවන් සේවයේ උපත සනිටුහන් විය.
මෙම පැරණි ඩග්ලස් DC-3 ඩකෝටා වර්ගයේ ගුවන් යානා මෙහෙයුම් කිරීමේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් වත්මන් අති නවීන පන්නයේ එයාර්බස් A320 සහ එයාර්බස් A330 ගුවන් යානා මෙහෙයුම් කිරීම දක්වා අප දේශයට ආවේණික සුපුරුදු උණුසුම් ආගන්තුක සත්කාරය මුළු ලෝකය පුරා ගෙනයාමේ සාඩම්බර සේවය ජාතික ගුවන් සේවය විසින් ඉටුකර තිබේ.
ජාතික වශයෙන් ගුවන් සේවා පහසුකම් සලස්වා දීමට කොළඹ මූලස්ථානය කරගත් ගුවන් සේවාවක් විවිධ පුහුණුවීම් සහ ගුවන් ගමන් සමගින් එවක පටන් ස්ථාපිතව මෙහෙයුම් සිදුකරනු ලැබීය. ජාතික වශයෙන් සිදුකළ වසර ගණනාවක සේවය සමරන මොහොතේදී අඛණ්ඩ ආරක්ෂක වාර්තාවක් සහ කීර්තිමත් වෙළෙඳ නාමයක් අත්පත් කරගැනීමට ගුවන් සමාගම හැකිවී ඇත.
ගුවන් සේවය පසුගිය වසර 70 හා සලකා බැලීමේදී විශාලතම ගුවන් යානා ඇණියක් සහ වැඩිම ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් වාර්තා කරන නව යුගයක ඇරඹුමේ අවධිය පසුකරමින් සිටියි. මහද්වීප 4ක් පුරා ගමනාන්ත ව්යාවප්ත කරමින් ගෝලීය ගුවන් සේවා ක්ෂේත්රයේ අභියෝග සඳහා මුහුණදීමට හැකි වාතාවරණයක් ගුවන් සමාගම විසින් සකස් කරගෙන තිබේ.
සියලුම පාරිභෝගිකයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් වසර ගණනාවක් පුරාවට ලබාදුන් සහයෝගය මෙන්ම අඛණ්ඩ කැපවීම වෙනුවෙන් ගුවන් සේවය සිය හෘදයාංගම ස්තූතිය පුදකර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

