ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය චීනය සහ භූතාන මූල්‍ය බුද්ධි එක්ක සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹී තිබේ.
පසුගිය ජූලි 17දා සිට 21දා දක්වා කොළඹදී පැවති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20 වැනි වාර්ෂික සමුළුවේදී මෙම අවබෝධතා ගිවිසුම්වලට එළැඹීම සිදුව ඇත.
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදීන්ට මුදල් සැපයීමට අදාළව පරීක්ෂණ සහ නඩු පැවරීම්වලට අදාළ මූල්‍ය තොරතුරු හුවමාරු කරගැනීම මෙම අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ මූලික පරමාර්ථය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.