මෙරට මාර්ග සංවර්ධනයට ඉන්දියාවේ සහාය හිමිවෙයි
යාපනය – මන්නාරම – ත්‍රිකුණාමලය මහා මාර්ගය සහ දඹුල්ල – ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් සඳහා ඉන්දීය මාර්ග ප්‍රවාහන, මහාමාර්ග සහ නාවුක අමාත්‍යංශයේ පූර්ණ සහය ලබාදෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි මහතා පවසා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ලාංකේය නියෝජිත පිරිස පසුගිය 26දා හමුවෙමින් ගද්කාරි මහතා පැවසූයේ, මේ වන විට තම අමාත්‍යංශය යටතේ දිනකට කිලෝමීටර 23 ක මහා මාර්ග ඉදි කෙරෙමින් පවතින බව ය.
නවීන තාක්ෂණය හා සිය අත්දැකීම් පදනම් කරගනිමින් වසර සියයක් පුරා කල්පවතින අන්දමින් මාර්ග ඉදිකිරීමේ ශක්‍යතාව දැන් ඉන්දියාව සතු බව අවධාරණය කළ ගද්කාරි මහතා, එවන් ඉහළම ප්‍රමිතියකින් යුතු මාර්ග ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවද හෙතෙම අවධාරණය කර තිබේ.
එමෙන්ම, මහා මාර්ග සහ අධිවේගී මාර්ග ආශ්‍රිතව නව ආර්ථිකයන් නිර්මාණය කරලීමේ අවශ්‍යතාව හා හැකියාව සම්බන්ධව ද මෙහිදී කරුණු සාකච්ඡා කර ඇති අතර, යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය යා කෙරෙන මාර්ගයක් ඉදි කිරීම නිසා උතුරේ ආර්ථිකය යළි පණගැන්වීමට අවශ්‍ය පසුබිම සකස් කර ගත හැකි ආකාරය පිළිබඳව ද අදහස් හුවමාරු කර ඇති බව සඳහන් වේ.
ඉන්දීය නාවුක ආමාත්‍යංශ ලේකම් රජීව් කුමාර්, මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් සන්ජේ මිත්‍රා, අතිරේක පුද්ගලික ලේකම් වඕභාව් ඩන්ගෙ ඉන්දීය පාර්ශවය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

