Marks & Spencer ලොව සෙසු රටවල ඇඟලුම් කර්මාන්ත ශාලා හා සසැඳීමේදී ඉහළම කුසලතා දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටි කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් බව Marks & Spencer ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් බෝලන්ඩ් මහතා පවසා සිටියේය.
ලොව ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන Marks & Spencer සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ පවසා සිටියේ, පසුගියදා ලන්ඩනයේ පිහිටි එම සමාගම් මූලස්ථානයේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාවේ තවදුරටත් ආයෝජන පුළුල් කරන ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මාර්ක් බෝලන්ඩ් මහතාගෙන් මෙම හමුවේදී ඉල්ලා සිටින ලදී. ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් හෙතෙම කියා සිටියේ ඇඟලුම් ක්ෂේත්රයට අමතරව විවිධ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගන්නා බවය. එමෙන්ම, Marks & Spencer ලොව සෙසු රටවල ඇඟලුම් කර්මාන්ත ශාලා හා සසැඳීමේදී ඉහළම කුසලතා දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටි කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් බවද බෝලන්ඩ් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ලන්ඩනයේ Marks & Spencer ප්‍රධාන මූලස්ථානයේ පැවති මෙම හමුවේදී ප්‍රධාන විධායක නිලධාරී
මාර්ක් බෝලන්ඩ් මහතා විසින් මුදල් අමත්‍ය රවි කරුණානායක මහතා සුහදව පිළිගත් අතර, එම සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.