ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්රකාශනයක් වන %ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2016^ පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම ප්රකාශනයෙහි දළ දේශීය නිෂ්පාදිතය, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ, මිල හා වැටුප්, ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ විදුලි සංදේශ සේවා, ජනගහනය සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන්ම අනෙකුත් රටවල්වල තෝරාගත් ආර්ථික සහ සමාජ දර්ශකද ඇතුළත් බව මහ බැංකුව පවසයි.
මෙම ප්රකාශනය චැතැම් වීදියේ 'The Central Point' ගොඩනැගිල්ල, අංක 58 ශ්‍රී ජයවර්ධනපුර මාවතේ බැංකු විදු පියෙස, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර, මාතලේ, නුවරඑළිය, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය සහ අනුරාධපුරයෙහි පිහිටි ප්‍රාදේශීය කාර්යාලවලින් සහ දිවයිනේ ප්‍රධාන පොත්හල්වලින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මිලදී ගත හැකිය.