මූල්‍ය වංචාවන් දැනගැනීමට උපකාරී වන අධිකරණ ගිණුම්කරණය (Forensic Accounting) පිළිබඳ අර්ධ දින සම්මන්ත්‍රණය 2017 මාර්තු මස 21 වැනි අඟහරුවාදා පෙ.ව. 9.00 සිට ප.ව.1.00 දක්වා, නො. 450, ඩී.ආර්. විජයවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සම්මන්ත්‍රණයේ අන්තර්ගතය
-
අධිකරණ ගිණුම්කරණය (Forensic Accounting) පිළිබඳ හැදින්වීම
-
වංචා විභේදනය, ව්‍යාප්තිය, බලපෑම් සහ ආකෘති පත්‍ර, ඓතිහාසික ඉදිරි දර්ශනය, වංචා මූල හේතූන් සහ වංචනික මනෝ විද්‍යාව පිළිබඳ පැහැදිලි කිරීම්
-
වංචා වර්ග සහ හඳුනාගැනීමේ තාක්ෂණ විධි, වංචා මූල්‍ය ප්‍රකාශය, ආදායම් සහ ලැබීම්, අයථා ආදායම් හඳුනාගනීම්, කාලය, අතුරු ගිවිසුම්, නැවත ගෙවීම් හෝ විනිමය හිමිකම්, Channel Stuffing, පනත් කෙටුම්පත් සහ රඳවා ගැනීමේ ගනුදෙනු, නිෂ්පාදන මුල් බෙදාහැරීම්, අසම්පූර්ණ නැව් බදු තොග, බහුවිධ බෙදාහැරීම් ගිවිසුම්, ආදායම් කටයුතු, ලැබීම් සහ ව්‍යාජ අලෙවිකිරීම් පිළිබඳ පැහැදිලි කිරීම්
-
විමර්ශනාත්මක ක්‍රියාවලිය සහ සාක්ෂි රැස්කිරීම පිළිබඳ පැහැදිලි කිරීම්
ඇතුලත් බවත්, මෙහිදී වරලත් ගණකාධිකාරී ටිශාන් සුබසිංහ මහතා සහ අශාන් ජයසේකර මහතා සම්පත් දායකත්වය ලබාදෙන බවත් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි. මේ සඳහා ලියාපදිංචි වීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම් 011-4741788 යන දුරකථන අංකය , 011-2689596 යන ෆැක්ස් අංකය හෝ [email protected] සහ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය.