මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම තවදුරටත්
- 1 12 2014
- 21:21
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2014 නොවැම්බර් මාසය තුළදී, බැංකු සහ මූල්‍ය සමාගමේ සහ කල්බදු සමාගම් (බැංකු නොවන මූල්‍ය ආයතන) මූල්‍ය අංශය ඒකාබද්ධකරණ ක්‍රියාවලියේ තවදුරටත් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බම ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව,
- මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා පී.එල්.සී, එම්.සී.එස්.එල්. ෆිනෑන්ෂියල් සර්විසස් ලිමිටඩ් සහ එම්.බී.එස්.එල්. සෙවින්ග්ස් බෑන්ක් ලිමිටඩ් අතර යෝජිත ඒකාබද්ධවීම අවසන් අදියරට ළඟා වී ඇත. අවශ්‍ය අනුමැතීන් කොටස් හිමියන්ගෙන් ලබාගන්නා ලද අතර, ඒකාබද්ධිත ආයතන 2015 වසරේ සිට ලියාපදිංචි මූල්‍ය සමාගමක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතය.
- ඩී.එෆ්.සී.සී. බැංකුව, නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී. සහ ඩී.එෆ්.සී.සී. වර්ධන බෑන්ක් පී.එල්.සී. අතර යෝජිත ඒකාබද්ධවීමට පහසුකම් සැපයීමේ පනත නීතිගත විය.
- මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය යටතේ සිදුකරන ඒකාබද්ධවීම් සහ අත්පත්කර ගැනීම්වලදී නිකුත් කරන කොටස් සහතික සඳහා මුද්දර ගාස්තු නිදහස් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කිරීමට මූල්‍ය හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය විසින් විධිවිධාන සලසා ඇත.
- විදේශීය බැංකු සමග, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගේ මූලිකත්වයෙන් මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියේදී එම බැංකුවලින් අපේක්ෂිත දායකත්වය යටතේ ලබාගත් ප්‍රගතිය පිළිබඳව වෙන් වෙන් වශයෙන් රැස්වීම් පවත්වන ලදී. විදේශීය බැංකුවල කලාපීය නියෝජිතයෝද මෙම රැස්වීම්වලට සහභාගි වී තිබේ.
- ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන විදේශීය බැංකු, ආර්ථික කටයුතුවලට වඩා ප්‍රබල දායකත්වයක් ලබාදෙමින් ආර්ථිකය වෙත සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂිතය. මේ අනුව විදේශීය බැංකු තමන්ගේ සමස්ත අන්තර්ජාතික ශාඛා ජාලයේ අතරමැදියන් ලෙස කටයුතු කරමින් ආර්ථිකයේ අංශයන් කිහිපයක් සඳහාම අරමුදල් සහ විශේෂඥ දැනුම රැගෙන ඒමට යොමු කිරීම සඳහා දායකවීමට එකඟ වී තිබේ.
බැංකු නොවන මූල්‍ය ආයතන 7ක ඒකාබද්ධවීමේ ක්‍රියාවලි අවසාන වී ඇති අතර, තවත් බැංකු නොවන මූල්‍ය ආයතන 22ක සහ බැංකු 4ක ඒකාබද්ධවීම් යථාකාලයේදී අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

