මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය 2014 ජුලි මස තුළදී සුවිශේෂී ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, ඒකාබද්ධ කිරීම්/අත්පත්කර ගැනීම් සහ ප්රාග්ධනය හඳුන්වාදීම් සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන 57ක් සහ බැංකු 12ක් තම සැලසුම් යොමු කොට ඇති බවත්, ඒකාබද්ධ කිරීමේ සැලසුම් 19ක් සඳහා මුදල් මණ්ඩලය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදුන් අතර, අදාළ සමාගම් විසින් ඒකාබද්ධ කිරීමේ/අත්පත්කර ගැනීමේ ක්‍රියාවලීන්හි කටයුතු සිදුකෙරමින් පවතින බවත් මහ බැංකුව පෙන්වා දෙයි.
මේ අතර, ඒකාබද්ධකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නොබෝදා නිමාවට පත්කළ දූත සංචාරයට අදාළ වාර්තාවේ සුබවාදී ප්‍රතිචාරයක් පළ කර ඇති බවද කියවුණි. එහිදී, මෙම වැඩසටහන මගින් මූල්‍ය පද්ධතියේ ශක්තිමත්භාවය ඉහළ නැංවීමට සහ ඵලදායී අධීක්ෂණයක් සඳහා දායක වීමට අවස්ථාව සැලසෙන බව පැවසෙයි.