පසුගිය සතිය අවසානයේ මිල දර්ශක යළි පහළ වැටුණද, පිරිවැටුම රු.බිලියනයක කඩඉම පසුකරනු ලැබීය.
සමස්ත මිල දර්ශකය හා S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය පිළිවෙළින් 2.40% හා 2.46% වශයෙන් පහළ වැටුණි.
සතියේ අවසාන දිනය වූ සිකුරාදා දිනය තුළ දේශීය සුළු ආයෝජක හා විදේශීය ආයෝජක ක්‍රියාකාරීත්වය වෙළෙඳ පොළ තුළ දැකිය හැකි විය.
විවිධාංගීකරණ අංශය පිරිවැටුමට ඉහළම දායකත්වය දක්වන ලදී. එම දර්ශකයේ පහළ යාම 0.30% ක් ලෙස සටහන් විය.
බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශය දෙවැනි ඉහළම දායකත්වය පිරිවැටුම වෙත ලබාදෙනු ලැබූ අතර, එම අංශයේ දර්ශකය 0.26% ක ඉහළ අගයක් වාර්තා කළේය.
මේ ආකාරයෙන් පසුගිය සතිය පුරා කොටස් වෙළෙඳ පොළ තුළ පවතින විචලනයන් හේතුවෙන් වෙළෙඳ පොළ සාපෙක්ෂව තවදුරටත් පහළ යෑමක් බලාපොරොත්තු විය හැකිය.