2017 මැයි මාසයේදී සංචාරක පැමිණීම් 2.5% ක අඩුවීමක් දැකිය හැකි අතර, එම මාසයේ සංචාරක පැමිණීම් 121,891ක් ලෙස වාර්තා වී තිබේ.
කෙසේ වෙතත්, එම මාසයේ සංචාරක ඉපයීම් ඇ.ඩො.මිලියන 209.1ක් ලෙස පුරෝකථනය කර තිබේ.
මේ අතර, 2017 ජනවාරි සිට මැයි මාසය දක්වා සංචාරක පැමිණීම් 4.8% ක වර්ධනයක් පෙන්වා ඇති අතර, එම කාලය තුළ සංචාරක පැමිණීම් 887,093ක් ලෙස වාර්තා වී තිබේ.
එමෙන්ම, මෙම කාලය තුළ සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 1,521.9ක් ලෙස පුරෝකථනය කර තිබේ.