ශ්‍රී ලංකාවට ඇතුළු වන සියලුම බහාලුම් පරීක්ෂාවට ලක්කළ හැකි ආකාරයේ නවීනතම ස්කෑන් යන්ත්‍ර සවි කිරීම ඉදිරි මාස තුනක කාලය තුළ සිදු කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ අද (15දා) මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය. මීට අදාළ ටෙන්ඩර් කැඳවීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත්, එම යන්ත්‍ර සවිකිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇතුළු වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ඇතුළු සියලු දෑ හඳුනා ගැනීමට හැකියාව උදා වන බවත් පවසයි.