මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් අංග සම්පූර්ණ සම්මන්ත්රණ ශාලාවක් ඉදිකිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉඩකඩ ලබාදීමට එකඟත්වය ලබාදී තිබේ. ඒ පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියෙන්, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ලිපියක් මගින් දැනුම්දී ඇති බවත්, ඉදිරි දිනවල අදාළ ඉඩම නිරවුල් කරගැනීමෙන් පසු සම්මන්ත්රණ ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අදාළ ඉදිකිරීම් සම්බන්ධීකරණය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙයි. ඊට අවශ්‍ය මඟපෙන්වීම් සහ සෙසු සහයෝගය නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාදෙන ලෙස මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබාදී ඇති බවද පැවසෙයි.