මහජන සුව-ධන ජූලි මස 14 සිට 16 දක්වා BMICH හිදී
'මහජන සුව-ධන' ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රදර්ශනය 2017 සහ වෛද්‍ය සමුළුව 2017 ජූලි මස 14, 15 සහ 16 යන දිනයන්හිදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව සහ ශ්‍රී ලංකා කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංසදය සමග එක්ව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් පවත්වනු ලබන මෙවර ප්‍රදර්ශනය ශ්‍රී ලංකා කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංසදයේ 50 වැනි සංවත්සරයට සමගාමීව පවත්වනු ඇත.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ දේශීය සහ විදේශීය ආයතන විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වන බවත්, රට තුළ ඇති විශේෂඥ සහ නවීනතම සෞඛ්‍ය සේවා පහසුකම් පිළිබඳව මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාව, විදේශීය රෝගීන් සහ සැපයුම්කරුවන් සඳහා වෛද්‍ය කේන්ද්‍රස්ථානයක් බවට වේගයෙන් පත්වෙමින් ඇති අතර, එම නිසා සෞඛ්‍ය ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන්ට, සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට මෙම ප්‍රදර්ශනය කදිම අවස්ථාවක් ලබාදෙනු ඇති බවද ඔවුහු පවසති. සෞඛ්‍ය අංශවලට සම්බන්ධ වෛද්‍යවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත අතර, සෞඛ්‍ය අංශ පිළිබඳ මනා දැනුම්වත් කිරීම් මෙම ප්‍රදර්ශනය තුළ සිදුවනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
ඒ අනුව, මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණු ලෙස එම වාණිජ මණ්ඩලය සඳහන් කර ඇත්තේ,
• ශ්‍රී ලංකාවේ පවතින උසස් ප්‍රතිකාර ක්‍රම සහ නව නිෂ්පාදන හා සේවා පිළිබඳව, සාමාන්‍ය ජනතාව, වෘත්තිකයන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විදේශීය ආගන්තුකයන් සහ පෞද්ගලික ක්ෂේත්රයේ සෞඛ්‍යායතන අතර දැනුවත්භාවයක් ඇති කිරීම.
• සෞඛ්‍ය ක්ෂේත්රය තුළ පවතින ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමුකිරීම සහ දේශීය විදේශීය යන ආයෝජකයන් දෙපාර්ශ්වයම ආකර්ෂණය කරලීම.
• කලාපය තුළ වෛද්‍ය කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සහ වෛද්‍ය සංචාරක ප්‍රවර්ධනය යනාදියයි.
මීට අමතරව, මෙහි ප්‍රදර්ශක අංශ ලෙස,
රෝහල් සහ සායන, ඖෂධ, ආහාර සහ පෝෂණය, වෛද්‍ය උපකරණ, Appliances and Consumables, සෞඛ්‍ය සහ තාක්ෂණය, සෞඛ්‍ය සහ සංචාරක ප්‍රවාහනය, ක්‍රීඩා, භෞත චිකිත්සක සහ රූපලාවන්‍ය, වෛද්‍ය සංචාරක යනාදී වශයෙන් දක්වා තිබේ.
මේ ආකාරයේ ප්‍රදර්ශන පැවැත්වීම මගින් සාමාන්‍ය ජනතාවටත්, සෞඛ්‍ය ක්ෂේත්රය හා සම්බන්ධ ව්‍යාපාර ප්‍රජාවට සහ ඒ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන සියලු දෙනාට ඇති විශාල වූ ප්රතිලාභ සැලසෙනු ඇති බවද ජාතික වාණිජ මණ්ඩලය සිහිපත් කරයි.
මෙම විශේෂ ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය තුළින් රටේ ආර්ථික අභිවෘද්ධිය මෙන්ම වෛද්‍ය සංචාරක ක්ෂේත්රයේ ඉහළ තලයකට ශ්‍රී ලංකාව පිවිසීමට ඇති අවකාශය ඉහළ දැමීම සිය පරමාර්ථය බවද ජාතික වණිජ මණ්ඩලය පවසයි.
එමෙන්ම, නිල ඇඳුමෙන් සැරසී මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන රටේ සියලුම පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ගාස්තු අයකිරීමකින් තොරව ප්‍රදර්ශනය නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බවද ඔවුහු පෙවන්වා දෙති.
මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්රාහකයන් ලෙස, ප්ලැටිනම් අනුග්‍රහය - ආසිරි පෞද්ගලික රෝහල, නිල බැංකු සහකරු - සම්පත් බැංකුව, රිදී අනුග්‍රහය - රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ලංකා පෞද්ගලික රෝහල, හේමාස් පෞද්ගලික රෝහල සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, වෙනත් අනුග්‍රහය - බ්‍රවුන්ස් පෞද්ගලික රෝහල, මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය - ලංකාදීප, අද, දේශය, ඩේලි මිරර්, ඩේලි එෆ්.ටී, සහ සන්ඩේ ටයිම්ස් කටයුතු කරන බවද ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පවසති.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ප්‍රදර්ශන කුටි වෙන්කරවා ගැනීම සඳහා දුරකථන අංක 011-4741984, 011-4741788, 071-9070700 ඔස්සේ සම්බන්ධ විය හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

