නැගෙනහිර මුහුදේ වාර්ෂික තල්මසුන් නැරඹීමේ සමය ආරම්භ වීමත් සමග මිහිකත වෙසෙන දැවැන්තම ක්ෂීරපායී සත්වයාගේ අපූරු ක්‍රියාකාරකම් හැබැහින්ම දැකගැනීම සඳහා ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන් වෙත සංචාරය කරන ඔබට අවස්ථාව උදාවී තිබේ.
පසුගියදා නැගෙනහිර මුහුදේදී ප්‍රථම නිල් තල්මසා නිරීක්ෂණය කිරීමේ අවස්ථාව උදාවූ බවත්, සිනමන් නේචර් ට්‍රෙල්ස් හි ප්‍රවීණ සොබාදම්වේදීන්ගේ මඟපෙන්වීම යටතේ තල්මසුන්ගේ වාර්ෂික අසිරිය නැරඹීම සඳහා ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන් සියලු සංචාරකයන් සාදරයේන පිළිගන්නා බවද ඔවුහු පවසති.
මෙහිදී, තල්මසුන් නැරඹීම සඳහා පූර්ණ පහසුකම් සපයනු ලබන අතරම, සැලකිය යුතු ප්‍රමාණයක් ස්පර්ම් තල්මසුන් සහ නිල් තල්මසුන් නැරඹීමට වෙරළේ සිට සැතපුම් 6කට වඩා දුර යා යුතු නොවන බවද ඔවුහු පවසති. මෙම සමයේදී තල්මසුන් නැරඹීම සඳහා ත්‍රිකුණාමලය වඩාත් ජනප්‍රිය වන අතර, කාලගුණය සහ දේශගුණය යහපත් අන්දමින් පැවතියහොත් තල්මසුන් විශාල සංඛ්‍යාවක් නැරඹීමේ වරම් ලැබෙන බවත් සිනමන් නේචර් ට්‍රෙල්ස් සහතික වෙයි.
මෙම සහතිකය වඩාත් විශ්වාසය තැබිය හැකි වන්නේ පසුගිය වසර 6ක කාලය පුරාවට සිනමන් නේචර් ට්‍රෙල්ස් විසින් ජී.පී.එස්. තාක්ෂණය ආධාරයෙන් නැගෙනහිර මුහුදේ තල්මසුන් ගැවසෙන සියලු ස්ථාන නිරීක්ෂණය කිරීමට සමත්ව ඇති නිසා බවද ඔවුහු වැඩිදුරටත් පවසති.