ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුව සිට 2010 වසරේදී විශ්‍රාමලත් ආචාර්ය ඩී.එස්. විජේසිංහ මහතා පසුගිය 04 වැනිදා සිය ජීවන ගමනින් සමුගෙන තිබේ.
1974 දී මාණ්ඩලික පන්තියේ පළමු වැනි ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස මහ බැංකු සේවාවට එක් වූ ආචාර්ය විජේසිංහ මහතා 2009 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට පත්වී ඇත. අවුරුදු 35කට අධික සේවා කාලයක් සපුරන ලද මහ බැංකු වෘත්තිකයෙකු වූ ආචාර්ය විජේසිංහ මහතා විශේෂයෙන්ම ආර්ථික හා මිල ස්ථායිතා පර්ෂදය තුළ අර්ථ ශාස්ත්රඥයෙකු, දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු, සහකාර අධිපතිවරයෙකු හා නියෝජ්‍ය අධිපතිවරයෙකු වශයෙන් විවිධ නිලයන් හොබවමින් ආර්ථික විශ්ලේෂණ, ප්‍රතිපත්ති සම්පාදන හා ක්‍රියාත්මක කිරීම යන ක්ෂේත්‍ර ඔස්සේ මහඟු සේවාවක් ඉටු කර තිබේ.