යාපනයෙහි ස්ථාපනය කර තිබූ ශ්රී ලංකා මහ බැංකුවේ ප්රාදේශීය උප කාර්යාලය 2017 ජූනි 15 වැනි දින සිට කිලිනොච්චියේ අරිවියල් නගර් කිලිනොච්චිය ප්රාදේශීය කාර්යාලය සමග ඒකාබද්ධ කළ බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව, මින් ඉදිරියට කිලිනොච්චි ප්රාදේශීය කාර්යාලය මගින් වර්තමානයේ ඉටුකරනු ලබන සේවාවලට අමතරව, යාපනය ප්රාදේශීය කාර්යාලය මගින් මෙතෙක් ඉටුකරනු ලැබූ සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධ සේවා, මහ බැංකු ප්රකාශන අලෙවිය හා යාපනය ප්රදේශය තුළ සිදුකරනු ලැබූ කුසලතා/කළමනාකරණ සංවර්ධන වැඩසටහන් හා අනෙකුත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම හා ණය ලබාදීමේ යාන්ත්රණය ප්රවර්ධනය කිරීම වැනි විවිධ සේවා ද කිලිනොච්චි ප්රාදේශීය කාර්යාලය මගින් සිදුකරනු ඇති බවද ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.