දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 මැයි 08 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය තීරණය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.25% ක් සහ 8.75% ක් ලෙස නොවෙනස්ව පවතී.