රු.මිලියන 7,000ක වියදමින් මන්නාරම ප්‍රදේශය සඳහා අධි බල විදුලිය සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
කිලෝ වොට් 220ක ධාරිතාවකින් යුත් මෙම නව විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා ගෙනයාමට ශක්‍යතා අධ්‍යයනක් දැනටමත් සිදුකර ඇති බවත්, මෙම විදුලිය ජනන නව වැඩපිළිවෙළ සඳහා රජය වැය කරන මුදල රු.මිලියන 7,000ක් බවත් වැඩිදුරටත් පැවසෙයි.
අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා දැනට ඇති විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය මීට වසර 40ක පෙර සකසන ලද්දක් වන අතර, මන්නාරම සහ උතුරු ප්‍රදේශයේ අනෙකුත් නගර සඳහා අවශ්‍ය විදුලි ධාරිතාව සැපයීමට එය ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තිබේ. මේ නිසා අනුරාධපුර, කලත්තෑව විදුලි උප පොළෙහි සිට මිහින්තලේ, රඹැව ප්‍රදේශ හරහා නව අධි බලැති විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ඉදිකිරීමට නියමිතව ඇති බව පැවසෙයි.
යුද්ධයෙන් පසුව උතුරු ප්‍රදේශයේ අලුතින් පදිංචි වූ පිරිස් විශාල වශයෙන් ජීවත් වන නිසා ඔවුන්ගේ විදුලිය අවශ්‍යතාව සපුරාලීමත්, අනාගතයට අවශ්‍ය විදුලිය ධාරිතාව සැපිරීමත් මෙහි අරමුණ බව කියැවෙයි. මෙහිදී මන්නාරම ප්‍රදේශයෙන් සුළං බලය උපයෝගි කරගෙනද විදුලිය ජනනය කිරීමට බලාපොරොත්තු වන බවත්,
විදුලිය රැහැන් පද්ධතිය ගෙන යාම සඳහා කණු සිටුවීමේ දී මිහින්තලේ අභය භූමිය හා මහකනදරාව රක්ෂිතය මගහැර එය සිදු කරන බවත් මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි.